රුහුණේ කිවිදිය - දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා
ගජමන් නෝනාගෙ පිලිරුව මාතර යුගයේ ප‍්‍රකට කිවිඳියක ලෙස ගජමන් නෝනා හඳුන්වා දිය හැක. ඇය උපත ලැබුවේ 1758 වර්ෂයේදී කොල්ලුපිටියේ මිලාගිරි පල්ලියේදීය. ඇයට මාස 10 ක් පිරුණු තැන ඇය දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා යන නමින් බව්තිස්ම කළ බව මිලාගිරිය තෝම්බුවෙහි සඳහන් වේ. ඇගේ පියාගේ නම විරතාමුල්ල ගමගේ දොන් ගජමන් නෝනා ජීවත් වු නිවස ප්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් ගජමන්ආරච්චිය. බටහිර ගිරුවා පත්තුවේ පදිංචි ඔහු වෘත්තියෙන් ලිපි කරුවෙකි. මව දෝන නෝනා බබා හාමිනේය. ඇය කොළඹ මිලාගිරියෙ පදිංචි කාන්තාවකි. පියාගේ නමින් ගජමන් යන්නද මවගේ නමින් නෝනා යන්නද ගලපා ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා පසුකාලීනව ගජමන් නෝනා යනුවෙන් කා අතරත් ප‍්‍රකට වූවාය. ගජමන් යුවළට දරුවන් තිදෙනෙක් වූහ. වැඩිමලා ගජමන් නෝනා, දෙවැන්නා දොන් ලුවිස් සේනාරත්න පෙරුමාල් විජයරාම කුමාරසිංහ ගජමන් මොහන්දිරම්. ගජමන් යුවළගේ බාලයා වූයේ දොන් අර්නෝලියා පෙරුමාල් ය. කොර්නේලියා ඉතා කුඩා අවදියේ දී පටන්ම ඉගෙනුමට සහජ හැකියාවක් දැක්වූවාය. අකුරු ඉගෙනීමට, කාව්‍ය නිර්මාණ කරණයට ඇය වැඩි කැමැත්තක් දැක්වූවාය. ඇගේ මේ දක්ෂතාවන් මනාව