අප්‍රිකාවේ මුතු ඇටය - උගන්ඩාව

ලොව මුතු ඇටය ලෙස හදුන්වන රටවල් කිහිපයක්ම ඇත. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ශ්‍රී ලංකාව හදුන්වන අතර ආද්‍රිත්‍රියානු සාගරයේ මුතු ඇටය ලෙස වැනීසිය සහ අප්‍රිකාවේ මුතු ඇටය ලෙස උගන්ඩාව හදුන්වයි. මේ එම අප්‍රිකාවේ මුතු ඇටය ගැන කතාවයි.

උගන්ඩාව යන නම ඇසූ පමනින් අපගේ මතකයට නිතැතින්ම නැගෙන නාමය "ඉඩි අමීන්" යන්නයි. බොහෝවිට මෙය තවත් සංවර්ධනයවී ඉඩි අමීන්ගේ මිනිමස් කන ජනතාව වෙසෙන රට ලෙසත් හදුන්වන
මුහුදක් නොමැති උගන්ඩාව
මුහුදක් නොමැති උගන්ඩාව
අවස්තා නැතුවාම නොවේ. කෙසේ වෙතත් උගන්ඩා ජනරජය යනු අප්‍රිකානු කලාපයේ ඇති ස්වාභාව සෞන්දර්යෙන් අනූන රටකි.  භෞතිකව ගත්කල " Land Locked" (මුහුදක් නොමැති/ සම්පූර්නයෙන්ම වෙනත් රටවලින් වටවූ) රටක් ලෙස හදුන්වන ලබන උගන්ඩාව නැගෙනහිරින් කෙන්යාවෙන්ද, උතුරින් සුඩානයෙන්ද, බටහිරින් කොන්ගෝවෙන්ද, දකුණින් ටැන්සානියාවෙන්ද නිරිත දෙසින් රුවන්ඩාවෙන්ද වටවී නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි ස්වාභාව සෞන්දර්යයෙන් අනූන වර්ග කිලෝමීටර් 241,038ක විශාලත්වයෙන් යුතු දර්ශනීය රාජ්‍යකි. අගනුවර කම්පාලා වේ. 1894 වර්ෂයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයක්වූ උගන්ඩාව 1962.10.09 දින බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබුවද පසුව සිවිල් යුධ වාතාවරනයකටද මුහුනදුන් රාජ්‍යකි.



උගන්ඩාව හා ඉඩි අමින් අතර ඇත්තේ ගසට පොත්ත හා පොත්තට ගස වැනි වෙන්කල නොහැකි
ඉඩි අමීන්
ඉඩි අමීන්
සම්බන්ධයකි.  1971 වසරේදී හමුදා කුමන්ත්‍රනයක් මගින් බලයට පත්වූ ඉඩි අමීන් 1979 වනතුරු උගන්ඩාව පාලනය කලේය. රටේ පාලකයා වීමට පෙර ඔහු හමුදා නිලධාරියෙක් විය. හමුදාවේ සේවය කරන කාලයේ උගන්ඩාවේ ‘Light heavyweight championship’ පදවිය 1951 සිට 1960 තෙක් අවුරුදු 9ක් එක දිගට තබා ගැනීමට සමත් විය. ඉන් පසු බලයට පත්වූ විට, ඔහු විසින් 40,000 ත් 80,000 ත් අතර ඉන්දියානුවන් සහ පකිස්තානුවන් පිරිසක් රටෙන් පන්නා දැමීය. තවද ඔහු 300,000 පමණ උගැන්ඩානුවන් පිරිසක් මරා දැමීය යයි චෝදනා තිබේ. නමුත් උගන්ඩා ජාතිකයන්ට අනුව ඔහු ජාතික වීරයෙකි. "ඉන්දියානු ව්‍යාප්තවාදයෙන්" ඔවුන් ගලවාගෙන ශ්‍රම සූරා කෑමෙන් ඔවුන් ගලවාගත් විරුවා ඔහු බවත් බටහිර මාධ්‍ය වලින් ඉඩි අමින්ගේ නියම තත්වය යටපත් කර, ඔහු කෘර පාලකයෙක් සේ නම් කල බවටත් ඔවුන් චෝදනා කරති. එහෙත් බටහිරයන්ගේ එකම චෝදනාවකටවත් වරදකරු නොවී, ඔහු සව්දි අරාබියේදී අසනීප වී මිය ගියේය.  උගන්ඩාව ඉතාමත් සුන්දර රටකි. ඉඩි අමීන් නිසා උගන්ඩාවද ලෝක ප්‍රසිද්ධ විය.


ගුවනින් උගැන්ඩාවට යන අවස්ථාවකදී ‘සුදු නයිල් නදිය’ නයෙක් මෙන් ඇදී යනවා පෙනන බව සංචාරකයන් පවසා ඇත. උගන්ඩාවෙන් ගලන ‘සුදු නයිල් නදිය’ සහ ඉතියෝපියාවෙන් ගලන ‘නිල් නයිල්
මර්චිසෝන් දිය ඇල්ල
මර්චිසෝන් දිය ඇල්ල
නදිය’ සුඩානයේ අගනුවර වූ ‘කාටුම්’ වල එක්ව මහා නයිල් නදිය තැනේ. මේ සුදු නයිල් නදිය, නිල් නයිල් නදිය මෙන් ගැබුරු නැත. එහෙත් සමහර තැන් එහා මෙහා නොපෙනෙන තරම් පළල් වේ. මේ අතර එහි තැනින් තැන ඇති ගොහොරු බිම් දැවැන්ත අප්‍රිකාණු කිබුලන්ගේ කෙළි බිම් වේ. උගන්ඩාවට මායිම්ව ඇති සාගරයක් මෙන් වූ, දැවැන්ත වික්ටෝරියා විල රටට සම්පතකි.
සුදු නයිල් නදිය පටන් ගන්නේද උගන්ඩාවේ සුන්දර සුවිසල් වික්ටෝ රියා මිරිදිය විලෙන් උතුරා යන ජලයෙනි. මේ සුවිසල් විල තවත් රටවල් 3කටත් මායිම් වේ. ලොව දෙවැනි විශාලතම මිරිදිය විල ලෙස එය හදුන්වයි.  මහත්මා ගාන්ධිතුමාගේ භෂ්මාවශේෂ නයිල් නදියට මුසු කර ඇත්තේද මේ ආසන්නයෙන් වන අතර එම ස්ථානයේ ස්මාරකයක්ද ඉදිකර ඇත. මෙහි ඇති ‘ස්ටැන්ලි කන්ද’ අප්‍රිකාවේ ඇති තුන්වන උසම කන්දයි. ‘මර්චිසෝන් දිය ඇල්ල’ ඇති ජාතික උද්‍යානය සංචාරකයන් බලන්නට යන තැනක් වන අතර එහි වැටීම මීටර් 43කි. උගැන්ඩාවට සුදු නයිල් නදිය සම්පතකි. මේ රටේ ගොවිතැන ප්‍රධාන රැකියාව ගොවිතැනයි. ඒ සඳහා ජළය ලබා ගන්නේ සුදු නයිල් නදිය සහ ඒ හා ආශ්‍රිත ජළ ධාරා වන්ය. රට කොළ පැහැතිය. ශශ්‍රීක පසක් ඇත. රටේ එක්තරා වගාවක් වන්නේ, ‘කෝපි’ ය. මේ කෝපි ඉතාමත් රසවත්ය. ලෝකයේ කෝපි නිෂ්පාදනය කරන රටවල් දහය අතරට උගන්ඩාවත් අයත් වේ. කෝපි සොයා ගත්තේ කව්රුන්දැයි ඇසුවහොත් එයට හිමි කම් කියන තවත් රටක් වන්නේ උගන්ඩාවයි.  එහෙත් ඒ සඳහා ලෝකයේ ප්‍රචලිත මතය වන්නේ ඉතියෝපියාව යන්නයි.



නිරක්ෂය වැටී ඇත්තේ උගන්ඩාවේ කම්පාලා අගනුවර සිට පැය දෙකක වාහන ගමනකට එහා තිබෙන නගරයක් හරහා වේ. එතැන රේඛාව දෙපැත්තේ වතුර සහිත බේසම් දෙකක යටින් වතුර ඉවත් කරන නලයක් ක්‍රියාත්මක වූ විට වතුර කැරකෙන්නේ එකිනෙකාට විරුද්ධ අතටයි. මේ සදහා කොරියෝලිස් බලවේගය හේතුවන බව විද්‍යඥයින් පවසයි. දක්ෂිනාර්ධ  ගෝලයේදී  ලංකාවට ගිනිකොන  දෙසින්  හමාගෙන  එන වෙලඳ  සුලං  සමකය  පසු කිරීමත්  සමග නිරිත දෙසින්  හමන  සුලඟක්  බවට පත් වේ. එසේ  අපක්‍රමනය  වීමට  හේතුව  කොරියෝලිස්  බලවේගයයි.

මෙහි ප්‍රධාන ගුවන් තොටුපල අපේ කටුනායක වැනි නගර යෙන් විනාඩි 45ක් දුරින් ඇති Entebbe හි පිහිටා
ගුවන් යානයක් ගොඩබස්වන අවස්ථාවක්
ගුවන් යානයක් ගොඩබස්වන අවස්ථාවක්
ඇත. ගුවන්යානය සුවිසල් වික්ටෝරිය විලෙහි ගෑවී නො ගෑවී තමයි ගුවන් පථයට සේන්දු කෙරෙන අතර එය බොහෝ චමත්කාරජනක අවස්ථාවක් බව සංචාරකයන්ගේ මතය වේ. 70 දශකයේ Entebbe හි සිරවී සිටි තම වැසියන් බේරා ගැනීම සඳහා ඊශ්‍රායල් ගුවන් හමුදාව කල අභීත මෙහෙ යුම පසුකාලීනව ලෝක පූජිත හොලිවුඩ් චිත්‍රපටියක් ලෙස ජීවමාන වූ අතර එම මෙහෙයුමේදී සිය රටවැසියා වෙනුවෙන් දිවිපිදු තරුණ ගුවන් නියමුවා ගේ සහෝදරයා කලකට පසු එරට ජනාධිපතිවරයා වු බවද සදහන් වේ.


උගන්ඩාවේ ඇති එක්තරා ප්‍රශ්ණයක් නම් ඒඩ්ස් වසංගත උවදුරයි. මෙය වැඩි වන්නට එක් හේතුවක් වී ඇත්තේ මිනිසුන්ගේ නොදැනුවත්කමයි. දුප්පත් කමත් සමඟ අත්වැල් බැඳ ගෙන එන අඥාන බව රටේ පරිසරය කෙලෙසීමටද හේතුවක් වී ඇත. එනම් රටේ ඇති කැලෑ වල් වල ගස් කපා දමා එම කැලෑවල වලින් රටේ ජලාශ්‍රිත ප්‍රදේශ වලට වෑහෙන ජල ධාරා අඩුවීම මේ රටට ප්‍රශ්ණයක් වෙමින් පවතී. එහෙත් උගන්ඩාව අදත් ඉතා ශශ්‍රීක රටකි. එයින් මුළු අප්‍රිකාවටම ආහාර සැපයිය හැකිය යයි කියති.

Grey crowned crane
Grey crowned crane

සාම්ප්‍රධායික නිවාස
සාම්ප්‍රධායික නිවාස

සංග්‍රහශීලී උගන්ඩා ජනතාව
සංග්‍රහශීලී උගන්ඩා ජනතාව

ඇල්බට් ලේක් ජාතික වනෝද්‍යානය
ඇල්බට් ලේක් ජාතික වනෝද්‍යානය

Yoweri Museveni - වර්තමාන ජනාධිපති
Yoweri Museveni - වර්තමාන ජනාධිපති

උගන්ඩා ජාතික ධජය
උගන්ඩා ජාතික ධජය

ඇල්බට් ලේක් ජාතික වනෝද්‍යානය
ඇල්බට් ලේක් ජාතික වනෝද්‍යානය

Comments

Popular posts from this blog

අනුරාධපුර යුගය හා නර්තනය

රුහුණේ කිවිදිය - දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා

අද ලෝකයට නැතුවම බැරි පරිඝණකය - ඉතිහාසය