අනුරාධපුර යුගය හා නර්තනය
ශ්‍රී ලංකාවේ දියුණුම සංස්‌කෘතික ලක්‍ෂණයන්ගෙන් යුක්‌ත වූ ජන කොට්‌ඨාසයක් වශයෙන් පෙනී සිටින ආදිතම
මහාවංශය |
විජයගේ රාජ්‍ය පාලන සමය නිමාවීමත් සමඟ ඔහු ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වූ පඬුවස් දෙව් රජුට වැළඳුණු දිවි දෝෂය සුවපත් කරගැනීම පිණිස කොහොඹාකංකාරිය නමින් ශාන්තිකර්මයක් සිදුකළ බව සඳහන් වී ඇත. ශාන්ති කර්මය සිදුකර ගැනීම සඳහා මලය රටින් මලය රජු ඇතුළු පිරිසක් ගෙන්වාගනු ලැබූ බව "කංකාරී පුරාවෘත්තයේ" සඳහන් වී තිබේ. මෙහි සඳහන් වන්නා වූ මලය රජු යනු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට ප්‍රදේශයෙන් ගෙන්වා ගත් බවට මතයක් පවතී. මෙතුළින් පැහැදිලි වන කරුණු වනුයේ කන්ද උඩරට ප්‍රදේශය ඇසුරු කරගනිමින් නර්තන ක්‍රමවේදයක් පැවැති බවයි. එනම් උඩරට නර්තන සම්ප්‍රදායට ආවේණික වූ පදනම, සැකැස්‌ම, පිළිවෙල බලපවත්වා ඇති ආකාරය පිළිබඳ මෙතුළින් නිගමනයකට එළඹීමට හැකිය. අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනයේ ආරම්භය සිදුකරනු ලැබූ පණ්‌ඩුකාභය රජුගේ පාලන අවධිය තුළ (ක්‍රි.පූ. 437-367) රජු ඉදිරියෙහි දෙවි මිනිසුන් නර්තනයේ යෙදුනු බව "මහාවංශය" සඳහන් කරයි. කෙසේ වෙතත් රජු ඉදිරිපිට දෙවියන් ලෙසින් පෙනී සිටියේ දෙවියන් ලෙස වෙස්‌ගත් මනුෂ්‍යයන් බවද මතයක් ඇත.
කොහොඹාකංකාරියේ අවස්තාවක් |
ක්‍රි.පූ. 3 වැනි සියවසේ එනම් දේවානම්පියතිස්‌ස රාජ්‍ය පාලන කාලයේ ඉදිකරනු ලැබූ ථූපාරාම දාගැබේ නිධන් කිරීමට ගෙන ආ ධාතූන් වහන්සේලා අලංකාරව සරසන ලද ඇතෙකු පිටින් වැඩමවූ බවත් මේ අවස්‌ථාවේ නැටුම්, ගැයුම්, වැයුම්වලින් සමන්විත වූ අලංකාර පෙරහැරකින් ඇතා වැඩමවාගෙන පැමිණි බව "සමන්ත පාසාදිකාවේ" සඳහන් වී ඇත.
මිහින්තලය |
ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ බුදුදහම ස්‌ථාපිත වීමේ කේන්ද්‍රස්‌ථානය ලෙස සලකනු ලබන මිහින්තලා පුදබිම ලාංකික බෞද්ධ ජනතාවට සුවිශේෂී පූජ්‍යස්‌ථානයකි. අතීතයේදී පුද බිමෙහි පිහිටා තිබෙන අම්බස්‌තල දාගැබට පූජෝපහාර දැක්‌වීම පිණිස "මහා දැලියාමන" රජු විසින් දාගැබ අබියස නාටක පැවැත්වූ බවට දැක්‌වෙන දීපවංශයේ සඳහන් වී ඇති කරුණු බොහෝ සෙයින් වැදගත් වේ. එපමණක් නොව අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලනය සිදු කරනු ලැබූ පාලකයන් අතරින් වැදගත්ම පාලකයා වශයෙන් දුටුගැමුණු රජතුමා හැඳින්විය හැක. මෙතුමාගේ පාලන කාලය තුළ අනුරාධපුර මහමෙව්නා උයනෙහි ඉදිකරනු ලැබූ රුවන්වැලිසෑය බඳිනා දිනයේ දුටුගැමුණු රජු එම ස්‌ථානයට සහභාගි වූ බව වංශකථා මූලාශ්‍රයන් වන මහාවංශයේ හා ථූපවංශයේ විස්‌තර දක්‌වා ඇත. එම සඳහන් තොරතුරු අනුව "කණක, කටක, නුපුර, පාදාංගුලි, රත්නපට, රුවන්තෝඩු, කාදු කාප්පු, කොණ්‌ඩමල්වලින් යුක්‌තව ගැටබෙර, පනාබෙර, මිහිඟු බෙර...." යනාදී ආභරණයන්ගෙන් සැරසී වාද්‍ය භාණ්‌ඩ අතින් ගත් නළඟනන් දහසය දාහක් පිරිවරා එම කටයුත්ත සඳහා සහභාගි වූ බව පෙන්වා දී ඇත.
තවද අනුරාධපුර යුගයේ අති උත්කර්ෂවත් අයුරින් සිදුකරනු ලැබූ "හිරිඛණ්‌ඩ පූජා" නැමති උත්සවය සඳහා නැටුම්, ගැයුම්, වැයුම් වලින් යුක්‌තව පැවැති බවට තොරතුරු මහාවංශයේ හා රසවාහිනියේ සඳහන්ව ඇත. එපමණක් නොව මෙම උත්සවයේදී මිනිසුන් දෙවියන්ගේ දේවාශිර්වාදය ලබාගැනීමට එකතු වන අතර අනුරාධපුර රාජධානියේ වූ මහාවීථි සතර දොරටු අලංකාරව සරසා වීථි දෙපස සල්පිල් තොරන් බැඳ පහන් දල්වා උත්සවය පැවැත්වූ බව සඳහන් කර තිබේ. ක්‍රි.පු. 1 වන සියවසේ අවසාන අවධියේ පිහිටුවනු ලැබූ සක්‌සේරුව හා කොරවක්‌ගල් යන ස්‌ථානයන්හි හමුවන ලෙන් ලිපි ද වැදගත් වේ. එම ලෙන් ලිපිවල සඳහන් වන ආකාරයට "නටන ගහපතියා විසින් පවරා දෙන ලදී සහ නටන ගහපතියාගේ දුව විසින් පවරා දෙන ලදී" යනුවෙන් සඳහන් වී ඇත. මේ තුළින් පෙනී යනුයේ සමාජය තුළ සැලකිය යුතු ආකාරයේ නර්තන පරම්පරාවක් ජීවත් වී සිටිය බවයි.
එකල සමාජයේ ජීවත් වූ ජනතාව ප්‍රධාන වශයෙන්ම බෞද්ධාගම මූලික කරගනිමින් තම කටයුතුවල නියෑළුණු අතර ආගමට මුල්තැනක් ලබාදීමට කිසි විටෙක අමතක නොකරන ලදී. මේ හේතූන් මත නැටුම් හා වැයුම් සම්බන්ධව ශේෂව ඇති රූකම් බොහෝමයක් බෞද්ධාගමික ගොඩනැඟිලි නිර්මාණ ඇසුරෙන් දැකීමට පුළුවන. ඇතැම් විට මෙම නිර්මාණ ආගමික සංකල්පය හා ඉස්‌මතු වූ ආකාරය පෙන්නුම් කෙරෙන කදිම නිදර්ශනයන්ය.
ලොවාමහා ප්‍රාසාදය |
අනුරාධපුර යුගයේ සුවිශේෂ පාලන අවධියක් ලෙස සලකනු ලබන වසභ රාජ්‍ය සමයේ නිර්මාණය කරනු ලැබූ
කුට්ටම් පොකුණ ප්‍රතිසංස්කරණයට පෙර |
දැනට ශේෂව පවතින පැරණිතම සිංහල ග්‍රන්ථය වශයෙන් සලකනු ලබන සියබස්‌ලකරයෙහි අනුරාධපුර යුගයේදී පවත්වනු ලැබූ විවිධ නාටක පිළිබඳ තොරතුරු විවරණය කිරීම සිදුකරනු ලබයි. එසේ සඳහන් වන නාටකයන් වර්ණවත් කිරීම සඳහා නැටුම්, ගැයුම්, වැයුම් පැවැත්වූ බවත් ඒ තුළින් ජනතාව මහත් ප්‍රීති ප්‍රමෝදයට පත්වූ බවත් පෙන්වා දේ. තවද අනුරාධපුර යුගයේදී නොයෙක් ආකාරයෙන් පවත්වන ලද වාර්ෂික උත්සව ගණනාවක් පැවතී ඇත. එම උත්සව අතරින් වඩාත් උත්කර්ෂවත් ආකාරයෙන් ආගමික උත්සව පැවැත්වීම සිදුකිරීමට රටවැසියා හා පාලකයා කටයුතු සිදුකර තිබේ. ඒ අතුරින් දළදා පූජා, ශ්‍රී මහා බෝධි පූජා හා විවිධ ස්‌ථූප කේන්ද්‍ර කරගනිමින් විශාල උත්සව සිදුකර ඇත. එම උත්සව අතරින් වඩාත් උත්කර්ෂවත් ආකාරයෙන් ආගමික උත්සව පැවැත්වීම සිදුකිරීමට රටවැසියා හා පාලකයා කටයුතු සිදුකර තිබේ. ඒ අතුරින් දළදා පූජා, ශ්‍රීමහා බෝධි පූජා හා විවිධ ස්‌ථූප කේන්ද්‍ර කරගනිමින් විශාල උත්සව සිදුකර ඇත. එම උත්සවයන් අතර රුවන් හසුන් බෝ මඟුල, බුදු බිසෝ අභිෂේක බුද්ධ, ශ්‍රී සොම්නස් බෝ මඟුල යනාදී වශයෙන් පැවැති ආගමික උත්සවයන් සඳහා නැටුම්, ගැයුම්, වැයුම් යොදාගත් බව පෙන්වා දී තිබේ.
මේ අන්දමට අනුරාධපුර යුගය තුළදී හමුවන සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යා මූලාශ්‍රවලින් හෙළිවන තොරතුරු තුළින් පැවැති නර්තන කලාව පිළිබඳ සාක්‍ෂි අපට දක්‌නට ලැබේ. එලෙස පැවැති නර්තන ක්‍රමවේදයට රාජ්‍ය අනුග්‍රහය ප්‍රධාන වශයෙන් හිමි වූ අතර ආගමික ලබැඳියාවෙන් යුක්‌තව එකල සමාජය තුළ විසිරී පැතිර පැවැති බව සිතීමට හැකිවේ.
Comments
Post a Comment