වදවී යන ලංකාවේ කොටියා

Panthera pardus kotiya
Panthera pardus kotiya
ශ්‍රි ලංකාවේ වෙසෙන බළල් කුළයට අයත් විශාලම සාමාජිකයා වන කොටියා,ලෝකයේ  වෙසෙන කොටින් ගේ උප විශේෂයක් (Sub Species)වන අතර ශ්‍රි ලංකාවට ආවේනික (Endemic) වෙයි. එබැවින්  ශ්‍රි ලංකා කොටියා Panthera pardus kotiya යන විද්‍යාත්මක නමින් හඳුන්වයි. විලෝපිත ක්ෂීරපායි සත්වයෙකි. එහෙත් බොහෝ දෙනා දිවියා යනුවෙන්
අදුන් දිවියා - ශ්‍රී ලංකාවෙ වෙසෙන දිවියන් වර්ගයක්
අදුන් දිවියා - ශ්‍රී ලංකාවෙ වෙසෙන දිවියන් වර්ගයක්
කොටියා වරදවා හඳුන්වයි. එහෙයින්  දිවියා යනුවෙන් කරන වැරදි ව්‍යවහාරය කොටියා යනුවෙන් නිවැරදි විය යුතුය. වසර කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානි‍යෙකුගෙන් ලද තොරතුරු වැරදි ලෙස වටහාගත් මාධ්‍යය ආයතනයක් විසින්, ශ්‍රී ලංකා කොටියා, tiger ලෙස පළ කර ඇත. පසුව වනජීවී දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානි‍යා විසින්, ශ්‍රී ලංකාව තුළ tiger වාසය නොකරන බවට කල ප්‍රකාශය, ලංකාව තුල 'කොටි' වාසය කරන්නෙ නැත, ලෙසට තවදුරටත් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන "කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ " යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රයාට බවත් තහවුරු කරයි.

Panthera pardus kotiya යන්නෙන් පැහැදිලි වන පරිදි "කොටියා" සත්‍යවශයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්වභාවික තත්‍ව යටතේ වාසය කරනු ලබයි. තව ද Panthera pardus diviya ලෙස ද හදුන්වන සත්‍යවයෙක් වාසය කරනු නොලබයි. මෙසේ ගැටළුකාරී තත්‍වයක් උදා වී ඇත්තේ, මිනිසුන් විසින් ඉංග්‍රීසි බසේ යෙදෙන, tiger යන්න කොටියා ලෙසත්, leopard යන්න දිවියා ලෙසත් භාවිතා කරන බැවිනි. නිවැරදි සිංහල භාවිතය අනුව tiger යනු 'ව්‍යාඝ්‍රයා' වන අතර leopard යනු 'කොටියා' වේ. ශ්‍රී ලංකාවේදී දිවියා ලෙස සියවස් ගනනාවක සිටම අදුන් දිවියා/ හදුන් දිවියා හා කොල දිවියා යන ශරීර ප්‍රමාණයෙන් කුඩා කැලෑ බලලුන් දෙදෙනාව හදුනා ගනී.

ශ්‍රී ලංකා කොටියා තර්ජනයට ලක්වූ විශේෂ අතරට එක්ව තිඛුණත්, නවතම පර්යේෂණයකින් සොයාගත්

යාල ජාතික වනෝද්‍යානයේ වෙසෙන කොටින්
යාල ජාතික වනෝද්‍යානයේ වෙසෙන කොටින්
තොරතූරුවලට අනුව ශ්‍රී ලංකාවේ යාල ජාතික අභය භූමිය තුළ ලොව විශාලතම කොටි ගහනය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්පත්තු ජාතික වන උද්‍යානය කොටියන් නැරඹීම සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ලොව අන් රටචල් හා සසඳන කල ශ්‍රී ලංකාවේ විවිධ පෙදෙස් තුළ කොටියන් විශාල වශයෙත් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන ඛෙදාගනිමින් ජීවත්වන ආකාරය දැකියහැක

උඩවලව ජාතික වනෝද්‍යානයේ වෙසෙන කොටින්
උඩවලව ජාතික වනෝද්‍යානයේ වෙසෙන කොටින්

වාර්ෂික වර්ෂාපතනය  මිලි මීටර් 1000 වඩා අඩු ශුෂ්ක නිසරු ප්‍රදේශ වලත්, මිලි මීටර් 1000 ත් 2000 ත් අතර වාර්ෂික වර්ෂා පතනයක් ඇති වියළි ප්‍රදේශ වලත් සහ  මිලි මීටර් 2000 ට වඩා වැඩි වර්ෂා පතනයක් ඇති තෙත් කලාපයේත් කොටියා වාසය කරයි. විශේෂයෙන් වියළි කලාපයට අයත් සෑම වනාන්තරයකමත් සහ හෝටන් තැන්න සහ නකල්ස් වැනි  කඳුකර වනාන්තරවලත් කොටියා වාසය කරයි.ඕනෑම කාලගුණික තත්ත්ව යටතේ හැඩගැසී ජීවත්වීමට හැකියාවක් ඇත. එහෙත් බොහෝ  ප්‍රදේශ උන්ට නොගැලපෙන පරිසර තත්ත්ව වලින් යුක්ත බැවින් ඉහතකී ප්‍රදේශවලට පමණක් සීමාවී ජීවත් වීම උන්ගේ ජීවිත තර්ජණයට හේතුවක් වී ඇත.

දහවල් කාලයේ දඩයම් කිරීමේ පුරුද්දක් තිබුණත්   සවස් කාලයේ සිට  පාන්දර දක්වා ක්‍රියාකාරී වී දඩයම්
පහරදීමට සැරසෙන කොටියෙක්
පහරදීමට සැරසෙන කොටියෙක්
කිරීමේ මනා හැකියාවක් ඇති නිශාචර දඩයම් කරුවකු ලෙසද කොටියා ප්‍රසිද්ධියක් උසුලයි.ඉතා සෙමින් ඉවසීමෙන් ගොදුර වෙත ළඟාවෙන කොටියා වහා ගොදුර වෙතට කඩා පැන ගොදුර ඩැහැගනී. ඩැහැගත් ගොදුර තනියම බුක්ති විඳීමේ කැමැත්ත දක්වන කොටියා බොහෝ අවස්ථාවලදී  ගොදුර කටින් අල්ලාගෙන ගසකට නැග ගිමන් හැර පසුව අනුභව  කරයි.ගසකට නොනැග වුවත් අල්ලා ගත් ගොදුර  මරාගත් පසු ගොදුර අසල මද වේලාවක් ගිමන් හැර විවේකගෙන පසුව අනුභව කරන සිරිතක් කොටියාට ඇත.

ගැහැනු සතුන් හා පැටවුන් හැරුනු කොට ශ්‍රී ලංකා කොටියා ඒකචාරී දඩයම් කරුවෙක් ලෙස සැළකේ. ශ්‍රී ලංකාව තුළ ගැහැනු හා පිරිමි සත්තු කොට්ඨාස, අතිච්චාදනයවු භූමි ප්‍රදේශ වල වාසය කරති. එනම් පිරිමි සත්තු, ගැහැනු සත්ව තොට්ඨාස අතරේ ද අසල්වැසි පිරිමි සත්ව කොට්ඨාස අතරේ ද සැරිසරති. බොහෝ විට ගැහැනු සතුන් වරකට පැටවුන් දෙදෙනෙක් පමණ බිහිකරන අතර වියළි කාලවලදී තරමක වැඩි සම්භාවිතාවක් සහිතව වසර පුරාම සංවාසයේ යෙදෙයි.

මුවන්, ගෝනුන්,ගවයින්,බල්ලන් සහ එළුවන් වැනි විශාල ක්ෂිරපායි සතුන් මෙන්ම කුඩා සෑම සතෙක්ම කොටියාගේ ගොදුරක් බවට පත්වෙයි. එබැවින් කොටියා මාංශ භක්ෂක විලෝපිකයෙක් ලෙස හැඳින්වෙයි.දැඩි හිරු රැස් ඇතිවිට වන වදුළක හෝ සෙවන තිබෙන ගල් තලාවක  වීවේක ගැනීම සාමාන්‍ය සිරිත වෙයි. ගස් නැගීමටත් සහ පිහීනීමටත් මනා හැකියාවක් කොටියාට ඇත.පරි­ස­ර­වේදී රුක්ෂන් ජය­ව­ර්ධන පෙන්වා දෙන අන්ද­මට අප රටේ වෙසෙන්නේ ගෝලීය වශ­යෙන් ද සල­කන කළ ඉතා වැද­ගත් උප විශේ­ෂ­යකි. ඒ අනුව ජාන පැවැ­ත්මට අදා­ළව ද ඔවුන් සතු වෙසෙස් අන­න්‍ය­තා­වක් වේ. දිවා­චර හැසි­රී­මක් (දිවා කාලයේ
දිවා කාලයේ විවේක ගන්නා කොටියෙක්
දිවා කාලයේ විවේක ගන්නා කොටියෙක්
සැරි සරන) ඇත. ඒ නිසා අනෙ­කුත් උප විශේ­ෂ­යන් ට සාපේ­ක්ෂව පහ­සු­වෙන් දැක­ගත හැකි ය. දූපත් රාජ්‍ය­යක් වශ­යෙන් ගත් කල අප රටේ ස්වාභා­වික ආහාර දාමයේ අව­සන් පුරුක සෑදෙන්නේ කොටි­යා­ගෙනි. එහි තේරුම ඔවුන් ට ඒ වෙනු­වෙන් තර­ග­යක් දීමට වෙනත් එකෙකු නැති බවයි. නමුත් ලොව අනික් රට­වල් ගත් විට ප්‍රමා­ණ­යෙන් විශා­ල­වූත් ශක්ති­මත් වූත් කොටින් මෙන් ම, කොටින් නො ඉව­සන ව්‍යාඝ්‍ර­යින් හා සිංහ­යින් ඔවුන් හා තර­ග­යට එළැ­ඹෙ­මින් සිටින බව දැකිය හැකි ය. ඒ අනුව ලංකාවේ වෙසෙන කොටින් ගේ හැසි­රීම හා පෞරු­ෂ­ත්ව­යට වනා­න්ත­රයේ දී ඔවුන් ට ලැබී ඇති කිසි­වෙ­කුට දෙවැනි නොවන තත්වය හේතු වී තිබේ යැයි රුක්ෂන් ජය­ව­ර්ධන පව­සයි.

ඉන්දියානු කොටියාට වඩා තරමක් කුඩා වන ශ්‍රි ලංකා කොටියා පිළිබඳව 20 වන සියවසට පෙර  සාර්ථක සමීක්ෂණයක් කර ඇත.  මෙහිදී වැඩිහිටි  ගැහැනු සතුන් 11 දෙනෙකු පිළිබඳව කළ සොයා බැලීමකදී  ශරීර ප්‍රමාණ  වල සාමාන්‍ය අගය, ශරීරය  බරින් කිලෝග්‍රැම් 29 ක් (රාත්තල් 65) ද, හිසේ සිට සිරුරේ කෙළවර දක්වා දිග මීටර් 1.04 (අඩි3 අඟල් 5),වලිගය දිගින්  සෙන්ටි මීටර්  77.5 (අඩි 2 අඟල් 6.5)විය. මෙහිදී හමුවූ ප්‍රමාණයෙන් විශාල ගැහැනු සතාගේ ශරීරය දිගින් මීටර් 1.14 (අඩි3 අඟල්9) සහ වලිගය දිගින් සෙන්ටි මීටර් 84 (අඩි 2 අඟල් 9) වී ඇත.පිරිමි සතුන් 11 දෙනෙකු පිළිබඳව කරන ලද සමීක්ෂණ යේදී සාමාන්‍ය අගය මෙසේවෙයි. එනම් බරින් කිලෝ ග්‍රැම් 59(රාත්තල් 124) ක්වූ අතර මෙයින් විශාලම පිරිමි සතා බරින් කිලෝ ග්‍රැම් 77(රාත්තල් 124) විය. වලිගය මීටර් 1.27(අඩි 4 අඟල් 2) විය.

කෙසේ වෙතත්හොඳින් වැඩුණු කොටියකු වල්ගය සමග දිගින් අඩි 5ත් 6ත්  වැනි ප්‍රමාණයක් වන  අතර උසි
කොටියාගේ කැපීපෙනෙන පුල්ලි සහිත ශරීරය
කොටියාගේ කැපීපෙනෙන පුල්ලි සහිත ශරීරය
න් එනම් පෙර පාදයේ පතුලේ සිට උරහිස දක්වා උස අඩි 1.5 ත් 2.5 ත් අතර වෙයි.බරින් කිලෝ ග්‍රැම් 30 සිට 90 ක්දක්වා වෙනස් වෙයි.පුෂ්ටිමත් සිරුරක් හිමි කොටියා ගේ සම කහ පැහැ  පසුබිමේ මලක හැඩැති කළු පුල්ලි තිබීම  නිසා පහසුවෙන් හඳුනා ගත හැකිවෙයි.දිගු වලිගයක් ඇති කොටියාගේ ගැහැනු සතා පිරිමි සතාට වඩා ප්‍රමාණයෙන් විශාල වෙයි. ගැහැනු සතා වරකට පැටවුන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු හෝ බිහිකරයි.ගර්භනී කාලය මාස3 ත් 31/2 අතර වෙයි.  ගැහැනු සතා ගේ අභිජනන කාලය වසර 3ක් ද, පිරිමි සතාගේ අභිජනන කාලය වසර 2ක් දවෙයි.

වනාන්තර වැනසී යාම, මස් සහ සම ගැනීම සඳහා දඩයම් කිරීම හේතුවෙන්  වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වී ඇති බැවින්  කොටියා සංරක්ෂණය කළ යුතු සත්ත්වයකු ලෙස ලෝක සංරක්ෂණ සංගමය (IUCN) නම් කර ඇත. තත්‍වය එසේ තිබුන ද මෙම සතුන් සතු අතිශය අනුවර්තන හැකියාව හේතු කොට ගෙන, ඔවුන් මිනිස් වාසස්ථාන අසල පවා වාසය කිරීමට පුරුදු වී ඇත. වසර ගනනාවක සිට රට තුළ පැවති සිවිල් යුධමය කටයුතු හේතුවෙන්, දිවි සංරක්ෂණ කටයුතු පවා අඩාල වී තිබුනද මේවන විට ඒවා නැවතත් යථාතත්වයට පත්ව ඇත. මෙය විශේශයෙන්ම විල්පත්තු ජාතික වන උද්‍යානය තුළ හා රාජ්‍ය හමුදාව හා එල්. ටී.ටි. ඊ. ත්‍රස්තවාදීන් අතර ගැටුම් පැවති නැගෙනහිර කළාප වල දැකිය හැක.
ශ්‍රී ලංකාවට ආවේණික කොටියා
ශ්‍රී ලංකාවට ආවේණික කොටියා

ශ්‍රී ලංකාවට ආවේණික කොටියා
ශ්‍රී ලංකාවට ආවේණික කොටියා

ශ්‍රී ලංකාවට ආවේණික කොටියා
ශ්‍රී ලංකාවට ආවේණික කොටියා

ශ්‍රී ලංකාවට ආවේණික කොටියා
ශ්‍රී ලංකාවට ආවේණික කොටියා

ශ්‍රී ලංකාවට ආවේණික කොටියා
ශ්‍රී ලංකාවට ආවේණික කොටියා

Comments

Popular posts from this blog

අනුරාධපුර යුගය හා නර්තනය

රුහුණේ කිවිදිය - දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා

අද ලෝකයට නැතුවම බැරි පරිඝණකය - ඉතිහාසය