|
ලියනාඩෝ ඩා වින්සි
|
ලියනාඩෝ ඩා වින්සි (1452 අප්‍රේල් 15- 1519 මැයි 2) ඉතාලි ජාතික මහා ප්‍රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, විච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක් විය.
ඔහු බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමෙන්ම එදා
මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්‍ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි.මූලිකවම ලියනාඩෝ ප්‍රසිද්ධ වූයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසය. ඔහුගේ චිත්‍ර 2ක් වන මොනාලිසා හා අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය වඩාත් ජනප්‍රිය, වැඩිම වරක් නැවත නැවත නිෂ්පාදනය කරන ලද හා වඩාත් සරල චිත්‍රය හා ආගමික සිතුවම ලෙස අනන්‍ය ස්ථානයක් හිමි කර ගනී. ඒවායේ කීර්තියට ළඟා වීමට හැකි වුයේ මයිකල් ඇන්ජෙලෝගේ ආදම්ගේ නිර්මාණය යන සිතුවමට පමණි.
|
අවසන් භෝජන සංග්‍රහය |
ඩාවින්සිගෙ වඩාත්ම කතා බහට ලක්වූ චිත්‍රය වන්නේ "මොනාලීසා"ය. වසාරි නැමැති කලා විචාරකයාගේ
|
මොනාලීසා |
වාර්තා වලට අනුව මොනාලිසා යනු ප්ලෝරන්ස් නරගයේ ප්‍රභූවරයෙකු වූ ෆැන්සිස්කෝ ජියෝකොන්ඩාගේ තෙවැනි බිරිදයි. ඩාවින්චි ඇය තමන්ගේ ඉදිරියෙහි හිඳුවාගෙන මෙම ප්‍රතිරූපය ඇඳ ඇති බවට විචාරක මතයයි. සඳළුතලයේ සිට අඳිනු ලැබූ නිසා චිත්‍රයේ පසුබිම ඈතට විහිදී ගිය ගම්මානයක දර්ශනයක් දැක්වේ. සැබවින්ම මොනාලීසා යන්නේ අර්ථය "my lady lisa" (මගේ ආර්යාව ලීසා) යන්නයි. කෙසේ වෙතත් මොනාලීසා තුලින් ඩාවින්සිගේ මුහුනේ හැඩය පෙන්වන බව හා මොනාලීසා තුලින් නිරෑපනය වන්නේ ඩාවින්සිගේ මව බවටද විවිධ විචාරකයන් මත පල කරයි.
සත්‍ය වශයෙන්ම මහා නිර්මාණයක් වන මෙය සෙන්ටිමීටර් 77X53 ප්‍රමාණයේ කැන්වසයක් මත තෙල් සායම් මාධ්‍ය භාවිතා කර ඩාවින්චි විසින් මෙම සිතුවම නිර්මාණය කර ඇති බව දැනගත් විට ඔබ මවිත වනවා නොඅනුමානය. මෙහි රාමුවත් සහිතව සම්පූර්න බර රාත්තල් 18ක් පමනි. කෙසේ වුවද ප්‍රමාණයෙන් කුඩා මෙම අග්‍රගණ්‍ය නිර්මාණය 1960 වර්ෂයේදී ඩොලර් මිලියන 100ක මුදලකට රක්ෂණය කර ඇත.
1815 වර්ෂයේ සිට ප්‍රදර්ශනය ආරම්භ කර ඇති මෙම චිත්‍රය පිලිබද ලියවි ඇති නිසදැස්, ගීත ආදිය විශල ප්‍රමාණයක් ලියවී ඇත. එසේම මෙම නිර්මාණයට පෙම් කල ප්‍රංශයේ අසහාය පාලකයෙක් වූ නැපෝලියන් බොනපාට් මෙම චිත්‍රය ඔහුගේ නිදන කාමරයේ එල්ලාගෙන පැය ගනනාවක් ඒ දෙස බලා සිටි බවද සදහන්ය. එසේම මොනාලිසාගේ වසගයට පත් Luc Maspero නම් පුද්ගලයා 1852 දී Parician හෝටලයේ ඉහල මාලයෙන් බිමට පැන සියදිවි නසාගත් අතර 1910දී තවත් පුද්ගලයෙක් ඇය දෙස බලාගෙනම හිසට වෙඩි තබාගෙන මිය ගොස් ඇත.
මෙම අග්‍රගන්‍ය නිර්මාණයට ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ප්‍රහාර එල්ලවී ඇත. ගල් ප්‍රහාරයකින්
|
මොනාලීසා සොරාගත් පසු එය තිබූ ස්ථානය |
|
මොනාලිසාගේ වම් වැලමිටට හානි වු අතර 1974 දී ඇසිඩ් ප්‍රහාරයක් හා 2009දී කෝප්ප ප්‍රහාරයක් එල්ල වුවත් පසුව එල්ල වූ ප්‍රහාර දෙකම එහි ඇති වෙඩි නොවදින ආවරණය නිසා වැලකී යාම වාසනාවක් විය.
එසේම 1911 දී දැඩිමතධාරී ඉතාලි ජාතිකයෙක් වන vinzenzo perugia විසින් මොනාලීසාව සොරකම් කරනු ලැබූ අතර මෙවිට දැඩිලෙස ශෝකයට පත් ප්‍රංශ ජනතාව මොනාලීසා තිබූ ස්ථානයේ මල් පවා තැම්පත් කල බව සදහන් වේ. කෙසේ හෝ 1913දී මෙම සොරා ඇතුල් සොර කන්ඩායම චිත්‍රය විකිණීමට උත්සාහ කිරීමේදී නීතියේ රැහැනට හසුවන අතර ඉතාලි රජය විසින් මෙම චිත්‍රය නැවතත් ප්‍රංශයට භාරදී ඇත.
හාස්‍යට කරැණ වන්නෙ 20 වන සියවසේ ශේෂ්ඨතම චිත්‍ර ශිල්පියා වන පැබ්ලෝ පිකාසෝද මුලින් මෙම සොරකමට සැක කිරීමි.
මෙයින් පසු බලධාරීන් විසින් මොනාලීසාව පරිසර තත්වයන් පාලනය කල හැකි විශේෂ කුටීරයක රදවන අතර එය වෙඩි නොවදින ආවරණයකින් ආවරණය කර දැඩි ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කර ඇත.
ලාජියෝ කොන්ඩාගේ (මොනාලිසාගේ) මුහුණින් එකවර දුක හා සතුට ඉස්මතු කොට දැක්වීමට ශිල්පියා
උත්සහා ගෙන ඇති ආකාරය ලොව මවිතකර විය. චිත්‍රය නරඹන රසිකයාගේ චිත්තවේග හා මානසික තත්ත්වයන් වෙනස්වන විට මොනාලිසා ද සතුටින් හෝ දුකින් පෙළෙන අයුරකින් රසිකයාට ප්‍රදර්ශනය වේ. කහ, දුඹුරු, ගුරු, තද අඳුරු කොළ ආදී සීමිත වර්ණ මාලාවක් තෝරාගෙන යොදා ගෙන අඳිනු ලැබූ චිත්‍රයේ එළිය අඳුර දැක්වීම සුවිශේෂී ශිල්පීය දක්ෂතා විද්‍යාමාන කරවයි. මුහුණට හා අත්වලට වැටුනු තද ආලෝකය හා අවට පරිසරය ට වැටුණු තද අඳුර තුළින් මානව රූපය ඉස්මතු කර දක්වා ඇත. මොනාලිසාගේ මුහුණ සියුම් සිනිඳු දුහුල් සළුවකින් ආවරණය වී ඇති බව විචාරක මතයයි.
16 වන සියවසේ සිට ප්‍රංශ භාරයේ තිබු මොනාලීසා තිබූ අතර ප්‍රංශ විප්ලවයෙන් පසු එය ජනතාවට හිමි විය. අද වන විට මෙම චිත්‍රය නැරඹීමට සෑම වර්ශකදීම මිලියන 6ක පමණ ජනතාවක් පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට පැමිණෙයි, එය අද ප්‍රංශ ජාතික එකතුවේ කොටසකි.
|
මොනාලීසා නැවත සොයාගත් බව දැක්වෙන පුවත්පත් දැන්වීමක් |
|
නැවත සොයාගත් මොනාලීසා |
|
දැඩි ආරක්ෂාව යටතේ සිටින මොනාලීසා |
|
ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය |
Comments
Post a Comment