Posts

රුහුණේ කිවිදිය - දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා

Image
ගජමන් නෝනාගෙ පිලිරුව මාතර යුගයේ ප‍්‍රකට කිවිඳියක ලෙස ගජමන් නෝනා හඳුන්වා දිය හැක. ඇය උපත ලැබුවේ 1758 වර්ෂයේදී කොල්ලුපිටියේ මිලාගිරි පල්ලියේදීය. ඇයට මාස 10 ක් පිරුණු තැන ඇය දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා යන නමින් බව්තිස්ම කළ බව මිලාගිරිය තෝම්බුවෙහි සඳහන් වේ. ඇගේ පියාගේ නම විරතාමුල්ල ගමගේ දොන් ගජමන් නෝනා ජීවත් වු නිවස ප්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් ගජමන්ආරච්චිය. බටහිර ගිරුවා පත්තුවේ පදිංචි ඔහු වෘත්තියෙන් ලිපි කරුවෙකි. මව දෝන නෝනා බබා හාමිනේය. ඇය කොළඹ මිලාගිරියෙ පදිංචි කාන්තාවකි. පියාගේ නමින් ගජමන් යන්නද මවගේ නමින් නෝනා යන්නද ගලපා ඔවුන්ගේ වැඩිමහල් දියණිය වූ දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා පසුකාලීනව ගජමන් නෝනා යනුවෙන් කා අතරත් ප‍්‍රකට වූවාය. ගජමන් යුවළට දරුවන් තිදෙනෙක් වූහ. වැඩිමලා ගජමන් නෝනා, දෙවැන්නා දොන් ලුවිස් සේනාරත්න පෙරුමාල් විජයරාම කුමාරසිංහ ගජමන් මොහන්දිරම්. ගජමන් යුවළගේ බාලයා වූයේ දොන් අර්නෝලියා පෙරුමාල් ය. කොර්නේලියා ඉතා කුඩා අවදියේ දී පටන්ම ඉගෙනුමට සහජ හැකියාවක් දැක්වූවාය. අකුරු ඉගෙනීමට, කාව්‍ය නිර්මාණ කරණයට ඇය වැඩි කැමැත්තක් දැක්වූවාය. ඇගේ මේ දක්ෂතාවන් මනාව

අප්‍රිකාවේ මුතු ඇටය - උගන්ඩාව

Image
ලොව මුතු ඇටය ලෙස හදුන්වන රටවල් කිහිපයක්ම ඇත. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ශ්‍රී ලංකාව හදුන්වන අතර ආද්‍රිත්‍රියානු සාගරයේ මුතු ඇටය ලෙස වැනීසිය සහ අප්‍රිකාවේ මුතු ඇටය ලෙස උගන්ඩාව හදුන්වයි. මේ එම අප්‍රිකාවේ මුතු ඇටය ගැන කතාවයි. උගන්ඩාව යන නම ඇසූ පමනින් අපගේ මතකයට නිතැතින්ම නැගෙන නාමය "ඉඩි අමීන්" යන්නයි. බොහෝවිට මෙය තවත් සංවර්ධනයවී ඉඩි අමීන්ගේ මිනිමස් කන ජනතාව වෙසෙන රට ලෙසත් හදුන්වන මුහුදක් නොමැති උගන්ඩාව අවස්තා නැතුවාම නොවේ. කෙසේ වෙතත් උගන්ඩා ජනරජය යනු අප්‍රිකානු කලාපයේ ඇති ස්වාභාව සෞන්දර්යෙන් අනූන රටකි.  භෞතිකව ගත්කල " Land Locked" (මුහුදක් නොමැති/ සම්පූර්නයෙන්ම වෙනත් රටවලින් වටවූ) රටක් ලෙස හදුන්වන ලබන උගන්ඩාව නැගෙනහිරින් කෙන්යාවෙන්ද, උතුරින් සුඩානයෙන්ද, බටහිරින් කොන්ගෝවෙන්ද, දකුණින් ටැන්සානියාවෙන්ද නිරිත දෙසින් රුවන්ඩාවෙන්ද වටවී නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි ස්වාභාව සෞන්දර්යයෙන් අනූන වර්ග කිලෝමීටර් 241,038ක විශාලත්වයෙන් යුතු දර්ශනීය රාජ්‍යකි. අගනුවර කම්පාලා වේ. 1894 වර්ෂයේදී බ්‍රිතාන්‍ය යටත් විජිතයක්වූ උගන්ඩාව 1962.10.09 දින බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබුවද පසුව

වදවී යන ලංකාවේ කොටියා

Image
Panthera pardus kotiya ශ්‍රි ලංකාවේ වෙසෙන බළල් කුළයට අයත් විශාලම සාමාජිකයා වන කොටියා,ලෝකයේ  වෙසෙන කොටින් ගේ උප විශේෂයක් (Sub Species)වන අතර ශ්‍රි ලංකාවට ආවේනික (Endemic) වෙයි. එබැවින්  ශ්‍රි ලංකා කොටියා Panthera pardus kotiya යන විද්‍යාත්මක නමින් හඳුන්වයි. විලෝපිත ක්ෂීරපායි සත්වයෙකි. එහෙත් බොහෝ දෙනා දිවියා යනුවෙන් අදුන් දිවියා - ශ්‍රී ලංකාවෙ වෙසෙන දිවියන් වර්ගයක් කොටියා වරදවා හඳුන්වයි. එහෙයින්  දිවියා යනුවෙන් කරන වැරදි ව්‍යවහාරය කොටියා යනුවෙන් නිවැරදි විය යුතුය. වසර කිහිපයකට පෙරාතුව, ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධානි‍යෙකුගෙන් ලද තොරතුරු වැරදි ලෙස වටහාගත් මාධ්‍යය ආයතනයක් විසින්, ශ්‍රී ලංකා කොටියා, tiger ලෙස පළ කර ඇත. පසුව වනජීවී දෙපාර්තමේන්තු‍වේ ප්‍රධානි‍යා විසින්, ශ්‍රී ලංකාව තුළ tiger වාසය නොකරන බවට කල ප්‍රකාශය, ලංකාව තුල 'කොටි' වාසය කරන්නෙ නැත, ලෙසට තවදුරටත් වැරදි ලෙස තේරුම් ගෙන ඇත. පුරාණ ප්‍රස්ථාව පිරුළක් වන "කැළේ මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ " යන්න නිවැරදි සිංහල ව්‍යවහාරයට අනුව කොටියා සතුව පවතින්නේ පුල්ලි බවත් ඉරි පවතින්නේ ව්‍යාඝ්‍රය

ඩාවින්සි අමරණීය කල ලීසා ඩෙල් ජියොකොන්දෝ හෙවත් මොනාලීසා

Image
ලියනාඩෝ ඩා වින්සි ලියනාඩෝ ඩා වින්සි  (1452 අප්‍රේල් 15- 1519 මැයි 2) ඉතාලි ජාතික මහා ප්‍රාඥයකු විය. ඔහු විද්‍යාඥයෙක්, ගණිතඥයෙක්, ඉංජිනේරුවෙක්, නව නිර්මාණකරුවෙක්, විච්ඡේදකයෙක්, සිත්තරෙක්, මූර්ති ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, උද්භිද විද්‍යාඥයෙක්, සංගීතඥයෙක් සහ ලේඛකයෙක් විය‍. ඔහු බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ සෑමකල්හිම ජීවත්වූ විශිෂ්ඨතම සිත්තරකු ලෙසිනි. එමෙන්ම එදා මෙදාතුර ජීවත්වූ වඩාත්ම දක්‍ෂතාවයන් සපිරි තැනැත්තා ඔහු ලෙස සැලකෙයි.මූලිකවම ලියනාඩෝ ප්‍රසිද්ධ වූයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසය. ඔහුගේ චිත්‍ර 2ක් වන මොනාලිසා හා අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය වඩාත් ජනප්‍රිය, වැඩිම වරක් නැවත නැවත නිෂ්පාදනය කරන ලද හා වඩාත් සරල චිත්‍රය හා ආගමික සිතුවම ලෙස අනන්‍ය ස්ථානයක් හිමි කර ගනී. ඒවායේ කීර්තියට ළඟා වීමට හැකි වුයේ මයිකල් ඇන්ජෙලෝගේ ආදම්ගේ නිර්මාණය යන සිතුවමට පමණි. අවසන් භෝජන සංග්‍රහය ඩාවින්සිගෙ වඩාත්ම කතා බහට ලක්වූ චිත්‍රය වන්නේ "මොනාලීසා"ය. වසාරි නැමැති කලා විචාරකයාගේ මොනාලීසා වාර්තා වලට අනුව මොනාලිසා යනු ප්ලෝරන්ස් නරගයේ ප්‍රභූවරයෙකු වූ ෆැන්සිස්කෝ ජියෝකොන්ඩාගේ තෙව

අද ලෝකයට නැතුවම බැරි පරිඝණකය - ඉතිහාසය

Image
නුතන පරිඝණකය යනු යුග ගනනාවක ජීවත් වූ බොහෝ පුද්ගලයන් පිරිසකගේ දැනුමේ හා වෙහෙසීමේ ප්‍රතිඵලයකි.  පරිඝණකය බොහෝදුරට ගණිතමය කටයුතු සදහා භාවිතා කරන උපකරණයකි. පරිඝණකයෙහි වේගය පිලිබද සදහන් කිරීමේදී "තත්පරයකට සිදුකල හැකි ගණනය කිරීම් ප්‍රමාණය" සැලකීමෙන්ම ඔබට මෙය පැහැදිලි වේ. පරිඝණකයේ ඉතිහාසය පිලිබද සැලකීමේදී එය ප්‍රධාන අවධි 4කට බෙදා දැක්විය හැකිය. පූර්ව යාන්ත්‍රික යුගය (1450 ට පෙර ) යාන්ත්‍රික යුගය (1450 - 1840) විද්‍යුත් යාන්ත්‍රික යුගය (1840 1940) විද්‍යුත් යුගය (1940 සිට අද දක්වා) මුල් කාලයේදී ගණනය කිරීම් සදහා දෑතේ ඇගිලි භාවිතාකල මිනිසා කල් යාමේදී ඒ සදහා විවිධ උපක්‍රම භාවිතා කිරීමට හුරුවිය. කඹයක ගැට යෙදීම, මැටි පුවරු භාවිතය ආදී උපක්‍රම භාවිතා කල මිනිසාට ඉජිප්තු ජාතිකයන් විසින් ප්‍රථමයෙනුත් පසුව ක්‍රි.ව 100දී පමන හින්දු ජාතිකයන් විසිනුත් සංඛ්‍යා පද්ධති හදුන්වා දෙන ලදි. ඊජිප්තු ජාතිකයන්ගෙ  සංඛ්‍යා පද්ධති සංකේත අනුසාරයක් ගත් අතර හින්දු ජාතිකයන් විසින් නූතනයෙත් භාවිතා කරන 0-9 අංක වලින් යුත්  සංඛ්‍යා පද්ධතිය හදුන්වා දුනි. එසේම ගණිතයෙහි වටිනාම ඉලක්කමක් ලෙස සැලකෙන  "0&