අද ලෝකයට නැතුවම බැරි පරිඝණකය - මුලිකාංග



පරිගණකය යනු  මූලිකවම, දත්තයන් 

  • ඇතුලු කිරීම (Input),
  • සැකසීම (Process)
  •  ගබඩා කිරීම (Storage) හා 
  • පිට කිරීම (Output) 
සිදුකළහැකි විද්‍යුත් තාක්ෂණික උපකරණයකි. මෙම කාර්යයන් හතරම සපුරන කවර හෝ උපාංගයක් පරිඝණකයක් වේ. ඔබගේ අතේ රැදි ස්මාට් ජංගම දුරකතනයේ සිට චීනයේ ඇති Sunway TaihuLight සුපිරි පරිඝණකය (Super Computer) දක්වා සියල්ලම "පරිඝණක" යන කුලකයට අයත් වේ.  
 පරිඝනකයට දත්ත ඇතුලත් කිරීම (Data Input) සදහා
3D Scanner

  • Key Board 
  • Mouse 
  • Trackball 
  • Touch Screen 
  • Joestick 
  • Digital Camera 
  • Scanner 
  • 3D Scanner
  • Microphone
 ආදිය භාවිතා වේ.  මුල් කාලයේදී mouse අත්‍යාවශ්‍ය උපාංගයක් වුවද වර්තමානය වන විට Touch Screen ආදිය මගින් එම කාර්යයන් ප්‍රතිස්ථාපනය කර ඇත. අප විසින් පරිඝනකයට ලබාදුන් දත්ත, තොරතුරු බවට පත් කරන ක්‍රියාවලිය දත්ත සැකසීම (Data Processing)නම් වේ. මේ සදහා පරිඝණක ක්‍රමලේඛන/ මෘදුකාංග (Computer Programme/Softwear) භාවිතා වේ.  මෙසේ සැකසු තොරතුරු සහ දත්ත ගබඩා කිරීම (Storage)ද පරිඝනකයේ ප්‍රධානතම කාර්යයකි. ඒ සදහා විවිධාකාරයේ උපාංග භාවිතා වේ. මුල් කාලයේ මේ සදහා 
  • Punch Card, 
    Punch Card
  • Floppy Disk 
ආදිය භාවිතා කර ඇති අතර වර්ථමානයේදී 
  • CD 
  • DVD
  • Blue-Ray Disk
  • Hard Drive
  •  Pen Drive 
ආදිය භාවිතා වේ. පරිඝනකයේ අවසන් ප්‍රධාන කාර්යය වන්නෙ සැකසු තොරතුරු පිට කිරීමයි (Output). මේ සදහා 
  • Moniter 
    Plotter
  • Speacker 
  • Printer වැඩිවශයෙන් භාවිතා කරන අතර 
  • Plotter 
  • Projecter 
  • Head Phone වැනි බොහෝ උපාංග අවශ්‍යතාවය අනුව භාවිතා වේ. 

Comments

Popular posts from this blog

අනුරාධපුර යුගය හා නර්තනය

රුහුණේ කිවිදිය - දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා

අද ලෝකයට නැතුවම බැරි පරිඝණකය - ඉතිහාසය