Posts

Showing posts from June, 2018

අද ලෝකයට නැතුවම බැරි පරිඝණකය - මුලිකාංග

Image
පරිගණකය යනු  මූලිකවම, දත්තයන්  ඇතුලු කිරීම (Input), සැකසීම (Process)   ගබඩා කිරී ම (Storage) හා  පිට කිරීම (Output)   සිදුකළහැකි විද්‍යුත් තාක්ෂණික උපකරණයකි. මෙම කාර්යයන් හතරම සපුරන කවර හෝ උපාංගයක් පරිඝණකයක් වේ. ඔබගේ අතේ රැදි ස්මාට් ජංගම දුරකතනයේ සිට චීනයේ ඇති Sunway TaihuLight සුපිරි පරිඝණකය (Super Computer) දක්වා සියල්ලම "පරිඝණක" යන කුලකයට අයත් වේ.     පරිඝනකයට දත්ත ඇතුලත් කිරීම (Data Input) සදහා 3D Scanner Key Board  Mouse  Trackball  Touch Screen  Joestick  Digital Camera  Scanner  3D Scanner Microphone  ආදිය භාවිතා වේ.  මුල් කාලයේදී mouse අත්‍යාවශ්‍ය උපාංගයක් වුවද වර්තමානය වන විට Touch Screen ආදිය මගින් එම කාර්යයන් ප්‍රතිස්ථාපනය කර ඇත. අප විසින් පරිඝනකයට ලබාදුන් දත්ත, තොරතුරු බවට පත් කරන ක්‍රියාවලිය දත්ත සැකසීම (Data Processing)නම් වේ. මේ සදහා පරිඝණක ක්‍රමලේඛන/ මෘදුකාංග (Computer Programme/Softwear) භාවිතා වේ.  මෙසේ සැකසු තොරතුරු සහ දත්ත ගබඩා කිරීම (Storage)ද පරිඝනකයේ ප්‍රධානතම කාර්යයකි. ඒ සදහා විවිධාකාරයේ උපාංග භාවිතා වේ. මුල් කාලය

අනුරාධපුර යුගය හා නර්තනය

Image
ශ්‍රී ලංකාවේ දියුණුම සංස්‌කෘතික ලක්‍ෂණයන්ගෙන් යුක්‌ත වූ ජන කොට්‌ඨාසයක්‌ වශයෙන් පෙනී සිටින ආදිතම මහාවංශය පිරිස විජයාවතරණය සමඟ මෙරටට සංක්‍රමණය වූ ආර්යය ජනයා බව බොහෝ විද්වතුන් පිළිගනු ලබයි. එසේ වුවත් එම පිරිසගේ සම්ප්‍රාප්තියට ප්‍රථමයෙන් ලංකා ජන සමාජය තුළ යක්‍ෂ, නාග ගෝත්‍රිකයන් ජීවත් වූ අතර ඔවුන්ගේ සමාජය තුළ සැලකිය යුතු මට්‌ටමේ උසස්‌ සංස්‌කෘතික මුහුණුවරක්‌ තිබූ බවට සාක්‍ෂි හමුවේ. එහිදී මූලිකවම ඔවුන්ගේ අනන්‍යතාව මුසු වූ ඔවුන්ටම ආවේණික ලක්‍ෂණයන්ගෙන් යුක්‌ත නර්තන විලාසයක්‌ පැවැති බවට තොරතුරු මහාවංශය තුළින් විවරණය කෙරේ. එහි සඳහන් වන ආකාරයට "මේ ශීරිෂවස්‌තු පුරයෙහි නැටුම් ගැයුම් වැයුම් සහිත මහත් උත්සවශ්‍රීයෙන් යක්‍ෂයින්ගේ ආවාහ මංගල්‍යයක්‌ පැවැත්වූ බව"  දක්‌වා තිබීමෙන් පැහැදිලි වනුයේ විජය ලංකාවට පැමිණීමට ප්‍රථම මෙරට ජන සමාජයේ නර්තන කලාවේ මූලාරම්භයක්‌ පැතිරී පැවැති බවයි. විජයගේ රාජ්‍ය පාලන සමය නිමාවීමත් සමඟ ඔහු ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වූ පඬුවස්‌ දෙව් රජුට වැළඳුණු දිවි දෝෂය සුවපත් කරගැනීම පිණිස කොහොඹාකංකාරිය නමින් ශාන්තිකර්මයක්‌ සිදුකළ බව සඳහන් වී ඇත. ශාන්ති කර්මය සිදුකර ගැනීම ස